Home News Breaking කන්ටේනරයක් ගිලා බසියි – ගමනා ගමනයට බාධා

කන්ටේනරයක් ගිලා බසියි – ගමනා ගමනයට බාධා

226 views
SHARE

කන්ටේනර් රථයක් ප්‍රධාන මාර්ගයේ ගිලා බැසිමෙන් තලවාකැලේ ඩයගම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

තලවාකැලේ සිට ඩයගම සත්ත්ව ගොවිපළ දක්වා ටොන් විසි අටක තෘණ ප්‍රවහානය කළ කන්ටේනර් රථයක් තලවාකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ නාගසේන තුනේ කණුව ප්‍රදේශයේ එක් පසකට ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද උදෑසන 8.00 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ලිඳුල පොලීසිය සඳහන් කරනු ලැබුවා.

එම කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් එම මාර්ගයේ ධාවනය වන සැහැල්ලු වාහන පමණක් තලවාකැලේ තේ පර්යේෂණ ආයතන මාර්ගයේ හෝ තලවාකැලේ නානුඔය මෙරායා මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ව දැනුවත් කර සිටියා.

එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ එම අනතුර වු ස්ථානයට පමණක් ධාවනය කරවන අතර එම බස් රථ වල ගමන් ගන්නා මගීන් දෙපස නතර කර ඇති බස් රථ වලට මාරුකර යැවිමට ලිඳුල පොලිසිය කටයුතු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site