Home News Breaking ගංවතුර වන්දි ගෙවන්න කෝටි 888ක් ඕනෑ

ගංවතුර වන්දි ගෙවන්න කෝටි 888ක් ඕනෑ

139 views
SHARE

ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන්ට හා දේ‍පොළ හානිවීම් වෙනුවෙන් ගෙවීම සඳහා රුපියල් කෝටි 888ක මුදලක් අවශ්‍ය වන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

එම වන්දි මුදල් සතයක් අඩු නැතුව ගෙවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඊට අමතරව ආබාධයට ලක්වූ පුද්ගලයින්ට හා අර්ධ හානිවූ නිවාස සඳහාද වන්දි ගෙවන බව සඳහන් කළා.

ඉහත වන්දි මුදල් ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති රක්ෂණ ආවරණයෙන් ගෙවීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

වන්දි ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි 888න් රුපියල් කෝටි 27ක මුදලක් මේ වනවිටත් එම රක්ෂණ සමාගමෙන් මුදාහැර ඇති බවද ඔහු පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site