Home News Breaking ආන්දෝලනයට තුඩු දුන් අමාත්‍යාංශ කිහිපයක විෂයන් ගැසට් කරයි

ආන්දෝලනයට තුඩු දුන් අමාත්‍යාංශ කිහිපයක විෂයන් ගැසට් කරයි

178 views
SHARE

අමාත්‍යාංශ කිහිපයක විෂයන් ගැසට් කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්ය භාර යන අමාත්‍යාංශවල විෂයන් ඊට ඇතුලත්.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, මුදල් අමාත්‍යංශය යටතේ මීට පෙර පැවති ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබීම විශේෂත්වයක්.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 3ක් සංවර්ධන කාර්ය භාර අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site