Home News Breaking විල්පත්තුව මුව මස් ජාවාරමේ ගිය මුස්ලිම් ජාතිකයින් පිරිසක් කොටුවෙයි PHOTO

විල්පත්තුව මුව මස් ජාවාරමේ ගිය මුස්ලිම් ජාතිකයින් පිරිසක් කොටුවෙයි PHOTO

166 views
SHARE

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය සඳහන් කරනවා.

මුස්ලිම් ජාතිකයන් බව පැවසෙන මෙම සැකකරුවන් පිරිස මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි වනජීවී කාර්යාලය පැවසුවේ.

කිසියම් පිරිසක් කාලයක සිට නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී දින ගණන් එහි නැවතී සතුන් දඩයම්කර එම මස් කැලෑව තුළදීම ගිනිමැල ගසා වියළා පසුව පිටතට රැගෙන එන බවට වනජීවී කාර්යාලයට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් කරමින් සැකකරුවන් සමග අදාළ භාණ්ඩ තොගය මෙසේ අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

එහිදී අත් අඩංගුවට ගත් දඩමස් හා ගිනි අවි සමග සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site