Home News Breaking මැතිවරණ කල් දමන්නේ නෑ – මහින්ද කියයි

මැතිවරණ කල් දමන්නේ නෑ – මහින්ද කියයි

199 views
SHARE

එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප‍්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

“පවතින ව්‍යවස්ථාදායක අණපනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම පළාත් සභා මැතිවරණය පැවත්වීම වැලක්වීමට නම් එය තීරණය කළයුත්තේ ජනමත විචාරණයකින් අනුව හෝ අධිකරණ තීන්දුවකින් පමණයි. වෙනත් කිසිඳු ක‍්‍රියාමාර්ගයකින් එය කළ නොහැකියි.”

“ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ආකෘති පත‍්‍ර භාරගැනීම මේ දිනවල කරනවා. පවතින ගංවතුර ආපදා හමුවේ වුවද ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ජූලි 31 දක්වා සිදුකරනවා. අවතැන්ව සිටින පිරිස සම්බන්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත සුදුසු පරිදි ඡන්දහිමි නාමලේඛන ලබාගන්නවා.”යැයි සභාපතිවරයා කියා සිටියා.

ගංවතුරින් එකතු වූ ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site