Home News International කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් තහනම්

කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් තහනම්

268 views
SHARE

කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරනවා.

මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි සඳහන්.

කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site