Home News Breaking ETI මුල්‍ය ආයතනයේ ගණුදෙණුකරුවන් විරෝධතාවයක

ETI මුල්‍ය ආයතනයේ ගණුදෙණුකරුවන් විරෝධතාවයක

549 views

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණුකරුවන් ඊයේ එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එහිදී ආයතන බලධාරීන්ට ගණුදෙණුකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්.

ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන් රැසක් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මුලස්ථානයට පැමිණ සිටියේ ඊයේ දිනයේ හෝ තමන් තැන්පත් කළ මුදල් යළි ලබා ගැනීමට හැකිවේ යැයි යන අපේක්ෂාවෙන්ය.

කෙසේවෙතත් ඊයේ දිනයේත් ඒ සම්බන්ධව සාකච්ජා පැවති අතර එළඹෙන 28 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව , ඊ.ටී.අයි මුල්‍ය සමාගම සහ ගනුදෙනුකරුවන් අතර සාකච්ජාවක් පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා.

පසුගිය මස 29 වනදා ආයතන හිමිකරුවන් පොරොන්දු වී ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ සියලුම මුදල් මෙම මස 30 වනදා අනිවාර්යයෙන්ම පියවා දමන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධව ඊයේ දිනයේ පැහැදිලි පිළිතුරක් නොලැබීම නිසා එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site