LATEST ARTICLES

සිසුවියක් ගැබ් ගෙන ඇතැයි පවසා පාසලෙන් පිට කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

කැකිරාව අධ්‍යාපන කලාපයේ සිසුවියක පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් සඳහන් කළේ, අනුරාධපුර මානවහිමිකම් කලාප කාර්යාලය යටතේ මීට අදාළ විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. පසුගිය දිනක ඇය පාසලට යාමෙන් පසු වමනය කිරීම පිළිබඳව සෙසු ශිෂ්‍යාවන් විදුහල්පතිනියට දන්වා තිබිණ. ඒ...

විස්සයි 20 නායකත්වයට තිසර නම් කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරග තුනේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව ඊයේ (21) කටයුතු කරනු ලැබුවා. තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රීඩා කිරීමට නියමිතයි. ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන්...

වැලිමිට වංගුව ආසන්නයේ ගිලා බැසීමක්

රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳහැළෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන- රත්නපුර මාර්ගය වැලිමිට වංගුවට ආසන්න ප්‍රදේශයේ දී ගිලා බැසීමට ලක්ව තිබෙනවා. වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සීමා වී ඇති බවද සඳහන්. වැසි පවතින අවස්ථා වලදී මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින හෙයින් වැසි දිනවලදී විමසිලිමත්ව ගමන් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.   cnews because of, very important, usually, always,and, first of all, also, another, furthermore,...

මහින්ද ඒකාබද්ධයෙන් ආවොත් ශ්‍රීලනිපයෙන් නෙරපනවලු – ප්‍රබලයෙක් කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව කර ඇති ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි පක්‍ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ජාතික...

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු අනතුරකින් මියයයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වන නදී සම්පත් සුමනසේකර මහතා ඊයේ (21) රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිවිසුම අසල දී ඔහු රිය අනතුරකට ලක්වී ඇති බව සඳහන්. තිස්තුන් හැවිරිදි සුමනසේකර මහතා වසර පහක කාලයක් ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ආදි ශිෂ්‍යයෙකු ද වනවා. සුමනසේකර මහතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එහි මෝටර් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව...

ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ දසවෙනි එක්දින පරාජයත් සමග තරගාවලියේ ජය පකිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති තුන්වැනි එක්දින තරගය කඩුලු 7කින් ජයගැනීමට ප්‍රතිවාදී පකිස්තාන කණ්ඩායමට හැකිවිනා. ඒ සමගම එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයද ඔවුන් ජයගත්තේ තරග පහකින් යුත් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීයි. අබුඩාබිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සහ නායක උපුල් තරංග ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගනු ලැබුවා. ශ්‍රී...

ඊයේ රෑ දකුණ අහස ගුගුරමින් මුහුදට වැටුණ දේ මෙන්න

දිවයිනේ දකුණු ප්‍රදේශයේ නගර කිහිපයකින් ඊයේ රාත්‍රියේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න පවසනවා. මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දැකගැනීමට හැකිවුයේනම් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකය දැනුවත් කරනමෙන්ද ඔහු ඉල්ලා සිටියා. ඊයේ රාත්‍රී 8.30ට පමණ පිපිරුම් හඬක් සමග මෙම අලෝකය දැකගත හැකි වූ...

ඔබේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ්ද ප්‍රවේසම් වන්න මෙන්න හේතුව

ශ්‍රී ලංකාවේ භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද රැන්සම්වෙයාර් වෛරසය බලපෑම් කළහැකි බවට ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා. ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරමින් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙසයි. රැන්සම්වෙයාර් පරිගණක වෛරසය මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා. අදාළ රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හේතුවෙන් පරිගණක...

BREAKING දකුණේ පිපුරුම් හඬක් සමග මුහුදේ එළියක්

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 8.30ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ සමගම මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දිස්වූ බවයි. කෙසේ වෙත්තත් මෙය අභ්‍යවකාශ වස්තුවක කොටසක් වියහැකි බව සැක පලකරන අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කරන්නේ එය ගුවන් යානාවක් නොවන බවයි. මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයවී නොමැති අතර වැඩිදුර...

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදහන්

මුලතිව්, මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව අප වාර්තාකරු පවසයි. දීපවාලි නිවාඩුව වෙනුවෙන් මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මෙලෙස අතුරුදහන්ව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා බේරා ගැනීමට සමත්ව ඇත. මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන්ව ඇති බව සඳහන් වෙයි. අතුරුදහන් වු තරුණයින් සොයා නාවික හමුදාව, පොලීසිය...