Home News Breaking LTTE සංවිධානය විසින් වල දමන ලද ආයුධ ගබඩාවක් ගොඩ ගනියි

LTTE සංවිධානය විසින් වල දමන ලද ආයුධ ගබඩාවක් ගොඩ ගනියි

894 views

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වල දමන ලද ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස ගොඩ ගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

වව්නියාව හා මුලතිව් පොලීස් විශේෂ කාර්ය බලක කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට එම කඳවුරුහි අණදෙන නිලධාරීවරුන්ගේ නායකත්වයෙන් එහි නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල කැනීම් වලදී එල්.ටී.ටී.ඊ සිංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ ගබඩාව හමු වී තිබුණා.

එහිදී කාලතුවක්කු උණ්ඩ 34 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 34 ක්, කොටි සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බ 22 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 48 ක් , ආර්.පී.ජී උණ්ඩ 7ක්, එම්.පී.එම්.ජී බර අවි උණ්ඩ 2000, ගුවන් යානා නාශක උණ්ඩ 1710 ක් , ක්ලේමෝ බොම්බ 4 ක් , අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 48ක් එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් ඇතුලු යුද උපකරණ රැසක් මේ අතර තිබී සොයා ගෙන තිබෙනවා.

මෙසේ ගොඩ ගැනුණ යුද උපකරණ යුද සමයේදී එල්.ටී.ඊ සංවිධානය විසින් මෙම ස්ථානය ආයුධ ගබඩාවක් වශයෙන් පවත්වා ගෙන ගොස් ඇති අතර ආරක්ෂක අංශ ප්‍රහාරයන් හමුවේ එම ස්ථානයේ මෙම ආයුධ වලදමා පලා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටිනවා.

ගොඩ ගත් යුද උපකරණ තොගය මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමටද මුලතිව් පොලීස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site